News
කවුරුත් සොයන coronavirus ගැනයි මේ

2019 වසරේ දෙසැම්බර් මස අවසන් භාගයේ චීනයේ වුහන් නගරයේ පැතිරගිය ශ්වසන රෝග වසංගතයක් අලුත් වෛරසයක් හේතුවෙන් ඇතිවූ බව සොයාගනු ලැබිණි. මෙය මින් පෙර වසංගත ලෙස පැතිර ගිය MERS-CoV සහ SARS රෝග ඇතිකළ කාණ්ඩයේම වෛරසයක් වේ. පළමුව මෙය ඇතිවුයේ සත්ව වෙළදපොලක් ආශ්‍රිතව වීම නිසා මෙය සතුන්ගෙන් බෝවූ රෝගයක් ලෙස සැලකූ නමුදු මෙය සෘජුවම මිනිසුන් අතර බෝවන රෝගයක් බව මේ වනවිට සොයා ගෙන ඇත
චීනයේ වුහාන් නගරයේ 2019 වසරේ වාර්තාවූ නව කොරෝනා වෛරසය මේ වන විට ලෝකය පුරා පැතිර යා හැකි වසංගතයක් ලෙස හදුනා ගෙන ඇත. ජනවාරි මස 24 දින වනවිට රටවල් හතකින් රෝගීන් 800කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර බහුතරය වාර්තා වී ඇත්තේ චීනයෙනි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වලට අනුව ජනවාරි මස 23 සිට 24 දක්වා දිනක් තුල අලුත් රෝගීන් 350කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇත.
නව කොරෝනා වෛරස රෝගයෙන් වැලකීම සදහා…
- සබන් යොදා නිතර අත් සෝදන්න
- කිඹුහුම් යනවිට හෝ කැස්සක් ඇති වනවිට,මුඛය වැලමිටේ ඇතුලු පැත්තෙන් ආවරණය කරගන්න
- උණ රෝගය ඇති පුද්ගලයින් සමග ගැටීම අවම කරන්න (නිකරුනේ රෝහල් පරිශ්‍ර තුලට යාමෙන් වලකින්න)
- ඔබට උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇති නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න, පොදු ස්ථාන වලට යාමෙන් වලකින්න
- නොපිසින ලද සත්ව ආහාර (කිරි, මස්) පරිහරණයේදී සැමවිටම ප්‍රවේසම් වන්න
- අඩුවෙන් පිසින ලද හෝ නොපිසූ සත්ව ආහාර පරිහරණයට නොගන්න
- බස්, දුම්රිය හෝ පොදු ප්‍රවාහන භාවිතයෙන් පසු
- සෙනග ගැවසෙන ස්ථාන වලට යාමෙන් පසු
- සත්වයින් හෝ සත්ව අපද්‍රව්‍ය ඇල්ලීමෙන් පසු
- රෝගී පුද්ගලයෙක් ඇල්ලීමෙන් පසු
- ආහාර පිළියෙළ කිරීමට පෙර හා අනතුරුව
- ආහාර ගැනීමට පෙර
- වැසිකිලි භාවිතයෙන් පසු
- උණ
- කැස්ස
- හුස්ම ගැනීමේ අපහසුව
Continue Reading
