එක ගෙයි සොකරි ළඟදීම…

කවදාත් ලොකු පොඩි සැවෝමගේම රාසස්වාදය උදෙසා අර්ථවත් නිර්මාණ කරන ජැක්සන් ඇන්තනි සිනමාවේදියාගේ නවතම පර්යේෂන සිනමා කෘතිය ” එක ගෙයි සොකරි ” චිත්‍රපටයයි. එකගෙයි කෑම විවාහ ක්‍රමය තේමාකොටගෙන 1930 දශකයේ අගභාගයේ ශ්‍රි ලංකාවේ ඈත පිටිසර ගමක සිදුවු සිදුවීම් කිහිපයක් ඔස්සේ නිර්මාණය වු නිර්මාණයකි.  උදාරි වර්‍ණකුලසුරිය, අකිල දනුද්දර, සජිත අනුත්තර, විල්සන් ගුණරත්න, ටෙරි ජයසිංහ, සෙනාලි ෆොන්සේකා, රුවන් පෙරේරා, අරියරත්න කළු ආරච්චි, සම්පත් තෙන්නකොට, සුසිලා කොට්ටගේ, රුවන් වික්‍රමසිංහ, ලලිත් රාජපක්ෂ, එවියන් ඇන්තනි යන ශිල්පින් රංගනයෙන් මෙම චිත්‍රපටය සඳහා දායකත්වය ලබා දි ඇත. එමෙන්ම මෙම නිෂ්පාදනය චන්න දේශප්‍රියගේ කැමරා ඇසින් සහ ජැක්සන් ඇන්තනි සිනාමාවේදියාගේ අධ්‍යක්ෂනයෙන් නිර්මානය වු ඉතා උසස්ගණයේ සිනමා නිර්මාණයකි. එකගෙයි සොකරි සිනමාපටය ළඟදීම තිරගතවීමට නියමිතය.

තවද මෙම චිත්‍රපටයේ විශේෂයක් වන්නේ එහි ඇතුලත් ගීතයි.එම ගීත එළිදැක්විමේ විශේෂ අවස්ථාව පසුගියදා වැල්ලවත්ත සැවොයි ප්‍රිමියර් සිනමාශාලාවේදි පැවැත්විය.එකගෙයි සොකරි සින්දු මංගල්ලය ලෙසට නම තබා තිබුණු මෙම අවස්ථාව අතරතුරදී එම ගීතයන් අන්තර්ජාල වෙත මුදා හරනු ලැබිය.මෙහි එන සියලුම ගීත ඇතුලත් ” ගීත පොතක් ” ජැක්සන් ඇන්තනි සිනමාවේදියා විසින් මහාචාර්ය සුනිල් ආරියරත්න්නයන්ට පිරිනමනු ලැබිය.

චින්තක ජයකොඩි නම් නව පරපුරේ තරුණ සංගීත අධ්‍යක්ෂකවරා වන විසින් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කර ඇත. මෙහි ගී පද පැරැණි සොකරි පොතකින් උපුටාගෙන ඇති අතර එක් ගීතයක් බන්දුල නානායක්කාරවසම් නම් ගී පද රචකයා විසින් රචනා කොට ඇත. ගීත ගයනයෙන් මාධවි වත්සලා, සජිත අනුත්තර, ඩිලාන් කරුණාරත්න, දිනුපා කෝදාගොඩ, හර්ෂණ දිසානායක, චමිල මධුෂාන්, නදීමාල් පෙරේරා, එවන්ද විතානගේ හා දිල්මින් පෙරේරා යන ශිල්පින් විසින් දායකත්වය ලබා දි ඇත.

එහි එන ගීත ඔබට පහතින් නැරඹිය හැක.

 

Gabbara Sokari (ගැබ්බර සොකරි)
 

Viyowaga Sokari (වියොවග සොකරි)

Nalawili Sokari (නැලවිලි සොකරි)

Anuraga Sokari (අනුරාග සොකරි)

Pan Vile Sokari (පන් විලේ සොකරි)

Wali Maluwe Sokari (වැලි මළුවේ සොකරි)

La Hiru Kirane (ලා හිරු කිරණේ)

Mangalam Sokari (මංගලම් සොකරි)

 

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *