රේඩියෝ කළුතර මාධ්‍ය පාසලෙහි දෙවෙනි කණ්ඩායම ජනවාරි මාසයේදි ආරම්භ වේ..

රේඩියෝ කළුතර මාධ්‍ය පාසල දෙවන කණ්ඩායම 2020.01.12. දින කළුතර බෝධිරාජ විහාරස්ථාන ප්‍රධාන ශාලාවේදී ආරම්භ කිරීමට සූදානම් කර ඇත.

එය තරුණ පරම්පරාවේ සාමාජිකයන් එකතු කර ගනිමින් දිගුකාලීනව ඉදිරියට යන සංවිධානයක් ලෙසට ක්‍රියාත්මක වීමට නියමිතය.ඔබට නායකත්වය , නිවේදන හැකියාව , නාට්‍යකරණය , චිත්‍ර , නැටුම් , සංගීත , තොරතුරු තාක්ෂනය , මොස්තරකරණය යන ඕනෑම ක්ෂේත්‍රයක් ඔස්සේ ඉදිරියට යාමට පුහුණුවක් ලබාදීම මෙම මාධ්‍ය පාසල හරහා සිදු කරයි.විනෝදාත්මක ක්‍රියාකාරකම් වලින් පමණක් ඔබට සතුටින් මෙම පුහුණුව ලබාදීමට දක්ෂ , තරුණ මෙන්ම මිත්‍රශීලි පුහුණුකරුවන්  ඔබත් සමග එකතු වේ.

තවද මෙම මාධ්‍ය පාසල තරුණ මිතුරු මිතුරියන් එකතුවන ස්ථානයක් ලෙසට ද හැදින්විය හැක.කිසිදු ආකාරයක බලපෑමකින් හෝ අනවශ්‍ය මානසික පීඩාවකින් තොරව ඔබට නිදහසේ ඔබේ ජීවිතයට මෙන්ම ඔබට අවශ්‍ය ක්ෂේත්‍රයට අදාළ දේවල් විනෝදයෙන් ඉගෙනගත හැකිය.තවද එම ක්ෂේත්‍රයන්ට අදාළ විෂය ප්‍රවීණයන් සමග සම්බන්ද වීමටද මෙමගින් ඉඩකඩ විවර කර දේ.තවද අධ්‍යාපනයට අදාලව පාඩම් කරන ක්‍රම , විභාග ලියන සාර්ථක ක්‍රම , සාර්ථක කෙටි සටහන් සාදන ආකාරය යනාදී දේවල්ද ඉගෙනගත හැකිය.එමෙන්ම ප්‍රශ්නයක් ආ විට විසදගන්නා ආකාරය ජීවිතය සතුටින් ගත කරන්නේ කෙසේද යන්න පිලිබදවත් මෙහිදී ඔබට පුහුණුකරුවන් සමග කරුණු බෙදා හදා ගත හැකිය.අධ්‍යාපනයටම කොටු වී පාඩම් කරමින් , පන්ති යමින් , මනස වෙහෙසවන ඔබට සතියකට එක් දවසක් සතුටු වෙන්නට මනසට නිදහසක් ගන්නට ලැබෙනවා නම් ඔබ ඒ ගැන උනන්දුවක් දක්වනවා නේද.එසේ නම් ඒ දවස වන්නේ ඔබ මාධ්‍ය පාසලත් සමග ගත කරන ඒ දවසයි.සතියකට එක දවසයි.පැය තුනයි.ඇවිල්ලම බලන්න.ආයේ ඊලග සතියේ දවස වෙනකන් ඔයා ඇගිලි ගනින එක ෂුවර්.

පාසල්වල මෙම වැඩසටහන ජනවාරි මස ක්‍රියාත්මක කරන අතර එහිදී සාමාජිකයන් බදවාගැනීම සිදු කෙරේ.ඊට ප්‍රථමයෙන් සංවිධානයක් සමග සමබන්ද වන අය සංවිධානයේ විශේෂ සාමාජිකයන් ලෙසට බදවාගන්නා අතර ඔවුන්ට මුල් තැනක් හිමි වේ.ඔබත් තනිව හෝ තවත් ඔබගේ මිතුරන් මිතුරියන් සමග මාධ්‍ය පාසල වෙත සම්බන්ද වීමට කැමති නම් 0753 574 574 යන දුරකථන අංකයට Whatsapp හරහා ඔබේ නම සහ සම්බන්ද කරගත හැකි දුරකථන අංකයක් SMS කරන්න.

කණ්ඩායමක් ලෙසට සම්බන්ද වන්නේ නම් සාමාජිකයන් සියලු දෙනාගේ නම් සටහන් කොට සම්බන්ද කරගත හැකි දුරකථන අංකයක් SMS කරන්න.වැඩි විස්තර ඉහත දුරකථන අංකයට කතා කිරීමෙන් දැන ගත හැක.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *