Connect with us

Videos

සුනාමි ! දැන් ඔබේ නගරයෙත්

Published

on

සුනාමි! එය නැරඹිය යුතුම සිනමා කෘතියකි. ලාංකීය පොදු ජන රසිකාගාරය සිනමාත්මකව ඇමතිය හැකි අපේ කාලයේ මහා සිනමාකරුවා තමා බව සෝමරත්න දිසානායක සිය “සුනාමි” චිත්රපටය මගින් යළිත් තහවුරු කර ඇත. මනුෂ්යය හැසිරීම් සහ හැඟීම් (Emotions) නාටකීය ලෙසත් විශ්වසනීය ලෙසත් ප්රකාශ කරන මෑත කාලයේ බිහිවු විශිෂ්ටතම දේශීය චිත්රපටය ලෙස “සුනාමි” හැදින්විය හැක. ලාංකීය සිනමා කෘතියක සියළුම රංගන ශිල්පීන්ගේ (Ensemble Cast) විශිෂ්ටතම රංග හැකියාවෙන් පෝෂණය ලද චිත්රපට දැකිය හැක්කේ අතලොස්සකි. “සුනාමි” යනු ඒ අතලොස්සට පසුගිය වසර කිහිපයේ එක්වු ප්රධානම චිත්රපටයයි. නිරංජනි ෂන්මුගරාජා නිරංජනි ෂන්මුගරාජා සහ දර්ශන් ධර්මරාජ් දර්ශන් ධර්මරාජ්මෙතෙක් තම ජීවිතයේ ඉදිරිපත් කර ඇති විශිෂ්ටම රංගනය සුනාමි චිත්රපටයේ ඉදිරිපත් කරයි. හිමාලි සයුරංගි සහ බිමල් ජයකොඩි හැඟීම් ප්රකාශනයේ අපට සිටින විශිෂ්ටම නළු නිළියන් බව නිරංජනි සහ දර්ශන් සමග එක්ව ප්රකාශ කරයි. ගිරිරාජ් කෞෂල්ය නිතිඥවරයා ලෙස කරන රංගනය සැබවින්ම ආකර්ෂණීයයි. ප්රභා /සෂි සහ ඇගේ දෙමළ සහෝදරියත් ප්රභාගේ කුඩාවිය නිරූපණය කරන දැරියත් ළමා රංගන ශිල්පීන් ලෙස සිය ප්රතිභාවෙන් සුනාමි චිත්රපටය පොහොසත් කරයි. සෝමරත්න දිසානායක මහතාගේ තිර රචනයේ චරිත ගොඩනැංවීම අතිශයින්ම විශිෂ්ටය. විශ්වා බාලසුරිය විෂ්ව බාලසුරිය සිනමා කැමරා ශිල්පියෙකු ලෙස තමන්ට පැහැබර අනාගතයක් හිමිබව නැවතත් අපවෙත ප්රකාශ කරන්නේ ඔහුගේ ඇතැම් රූප රාමු සංරචනයේ විශිෂ්ටතාවයද සමගිනි. එසේම මෙරට සිනමා ඉතිහාසයේ දැවැන්ත සහ විශිෂ්ටම කලා අධ්යක්ෂණයක් ( Art direction) සුනාමි චිත්රපටයෙන් දැකිය හැකිය. මෙතෙක් අපගේ දේශීය සිනමා කෘතියක සාපේක්ෂ ලෙස දැකිය හැකි ඉහලම VFX තාක්ෂණය යොදාගත් චිත්රපටයද සුනාමි වෙයි. “සුනාමි” සිනමා කෘතිය ආකෘතියෙන්ද (structure) කතා සන්දර්භයෙන්ද (Story context) එකවිට පොහොසත් කෘතියකි. ජාතිය යනු අනෙක් තත්වයන් සේම ගොඩනංවන ලද ප්රපංචයක් (Constructed Phenomenal) යන ගැඹුරු දාර්ශනික ප්රශ්නය සුනාමි විසින් සාකච්ජාවකට ලක් කරයි. සුනාමි යනු අපගේ උන්මන්තක සමාජය දේහය විමසා බැලීම සඳහා අපට ලැබී ඇති අනර්ඝ කවුළුවකි. මෙවන් දැවැන්ත සිනමා කෘතියක් නිර්මාණය කළහැකි අපසතු එකම වෘත්තීය චිත්රපට නිෂ්පාදිකාව රේණුකා බාලසුරිය රේණුකා බාලසුරියමහත්මිය බැව් සුනාමියෙන් කියවෙන අනෙක් සත්යයයි. උපුටා ගැනිම අන්තර්ජාලයෙනි

Continue Reading
Advertisement
0:00
0:00
Open chat
1
ඔබට අපෙන් සහායක් අවශ්‍යද ?
ඔබට අපෙන් සහායක් අවශ්‍යද ?