දැන් රේඩියෝ කළුතර මාධ්‍ය බලකායට නව සමාජිකයින් බඳවා ගනු ලැබේ…

හඳ මාමාගේ හා ළමා පිටිය සෙවණේ බිහිවු පරපුර ලංකාවටම වයර්ලස් කලාවක් බිහිකලේය. වයර්ලස් කලාව ලංකාවේ කලා ක්ෂේත්‍රයට දක්ෂයින් බිහිකළේය. කාලය ගෙවී යද්දි සියල්ලො ගුවන්විදුලි මහගෙදරින් අල්ලපු වත්තට පැන්නේය. එතැන් පටන් රූපවාහිනි මහගෙදර වටා ගොනුවිය. දැන් දැන් රූප පෙට්ටිය ද මැද සාලයේ හිස්කාන්සුවේ කල් ගෙවන අතර සයිබර් ලෝකයේ සිත අලුත් මිතුරෙකු පැමිණ ඇත.

කළුතර දිස්ත්‍රික්කය ප්‍රධාන කොට , ශ්‍රී ලංකාවම, ලෝකයම අන්තර්ජාලය තුලින් ආවරණය කරගත් රේඩියෝ කළුතර ක්ෂේත්‍රයට දක්ෂයින් රැසක් බිහි කරන අපුරු තොතැන්නකි.

මේ වෙනවිටත් රේඩියෝ කළුතර සාර්ථක අවුරුදු 8කට වඩා අධික ගමනක් පැමිණ ඇත. අපගේ පලමු ව්‍යපෘතිය රේඩියෝ කළුතර මාධ්‍ය පාසල  දැයේ දරු දැරිවියන්ගේ මාධ්‍ය සහ කලා කුසලතා වර්ධනය කිරිමට ආරම්භ කරන ලද ස්වේඡ්ඡා ව්‍යපෘතියකි.. අප මාධ්‍ය පාසල සමගින් දැනටමත් 100 අධික සිසුන් පිරිසක් තම දැනුම වර්ධනය කරගනු ලබයි..

අපගේ තවත් ව්‍යපෘතික් ලෙස රේඩියෝ කළුතර මාධ්‍ය බලකාය නමින් දක්ෂයින්ගේ නව පවුරක් නිර්මාණය කරන ලදි.. මෙම පවුරට එකතුවන සැමට ක්ෂ්ත්‍රයේ ප්‍රවිණයන් සමග, ඔවුන් වගේම තවත් දක්ෂයන් සමග එකතු වි තම දස්කම් තවත් ඔප නංවන්නද, විව්ධ නිර්මාණ කරන්නද හැකියාව ඇත.. මෙම සියලු කාර්යන් වලට රේඩියෝ කළුතර අපි නිරතුරුවම නොමද සහයෝගය ලබාදෙන්නෙමු. මෙම පවුරට ඔබටත් අදම එකතු වෙන්න පුලුවනි. රේඩියෝ කළුතර මාධ්‍ය බලකායට එකතුවීමට කිසිදු වයස් සීමාවක් නැත. ඔබේ හැකියාව තුලින් ලෝවම ජයගන්න එසේනම් අදම එකතුවෙන්න රේඩියෝ කළුතර මාධ්‍ය බලකාය සමගින්…

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *